ඇහි ලෙණක
කොයි වෙලෙත් දිලිසෙනා හරි හමන් නමක් නැති
ඇහි ලෙණක පිනි බිඳකි ඉර පවා දකින් නැති
මෙහි පැමිණි මුල් දිනක හැඳිනුවද ඇහුවෙ නැති
වියැළි තුරු පතකි නුඹ තිබහකට හඬන්නැති
අබලි සර සර හඬට සුළඟ හා ගැටෙන්නැති
පෙරැළි ඒ මේ අතට නිනව්වක් හිතන්නැති
ඉගිල අහසට සැනින් අභිමුවෙහි රැඟුම් ලති
එකල ළා දලු ස්වරෙන් මොනවදෝ මුමුණ යති
පැමිණ යළි පොළොව මත රිදුණු ගත පිරිමදිති
හමන මඳ පවණකින් උන්හිටි ම තැන් අසති කුමන හෝ කරුණකට හැරී අපසු බලති
රිදුණු තැන් අමතකව හොඳින් දැයි පිළිවිසිති
මළානික නිම්නයෙ මොනවදෝ පිරික්සති වලාබඳ අකුණු දැක මල් සුවඳ අගිස්සති
බලා හිඳ ලෙණ දොරට හෙමින් හිස පුරුද්දති
සලා දෙවුරම හෙමින් එහි අගුළු කොනිත්තති
Photo Credit;
Ankit Manoharan