ඇරියස් ගන්ට දුන් සරසවි වරම!
උගතුන් ලෙසින් පිට වෙන්නට මෙහි ආපූ
විහඟුන් සිටින තැන, බලු ඇක්ෂන් දාපූ
එතනින් නොනැවතී උඩ ඇඳුමෙත් රීපූ
වඳුරන් රැලකි මව් සරසවි නම කාපූ
ඇරියස් ගන්ට දුන් ලයිසන් ලෙස දැකපූ
වෛරස් එකකි මුන් තුන්ලෝකෙට ආපූ
දෙදහස් විසි පහෙත් හදවත් දෙදරාපූ
අදහස් තවත් වෙද දිවි නැහුමට දාපූ?
වටකොට අහිංසක දරුවෙක් රැග දාපූ
දිවියට තබන තෙක් තිත, කිසි නොදැකාපූ
කරුමෙට නොපවරා කළවුන් හංගාපූ
හනිකට කැඳවපන් මහ උන් පොල් ගාපූ!
හඬහඬ කියද්දිත් ඇඳිවත ගලවාපූ
බලු, ජඩ සුනඛයිනි මවකගෙ කිරි බීපූ
වැඩි වැඩ නිසා තොපෙ, මරුවා කැඳවාපූ
අඬු කඩ, නෙරපුවත් මදි, ගෙව්මට පව් දීපූ
හදවත කකියවන මෙපුවත කියවාපූ
සියපත කැකුළ දුටු දුටු නෙත හඬවාපූ
ඉලපත රැගෙන සුළු දිය පා නහවාපූ
තව ලත නොව තලව්. ජස්ටිස් කෝ දීපූ?
සබරගමු සරසවියේ දරුවා වෙනුවෙන්.
ප.ලි.
කකියවන හදවත
ලියුවා මෙලෙස මෙපුවත
සමා, කියවන මිත
සාම පරවියා නිති ඇත අත.
විහඟුන් සිටින තැන, බලු ඇක්ෂන් දාපූ
එතනින් නොනැවතී උඩ ඇඳුමෙත් රීපූ
වඳුරන් රැලකි මව් සරසවි නම කාපූ
ඇරියස් ගන්ට දුන් ලයිසන් ලෙස දැකපූ
වෛරස් එකකි මුන් තුන්ලෝකෙට ආපූ
දෙදහස් විසි පහෙත් හදවත් දෙදරාපූ
අදහස් තවත් වෙද දිවි නැහුමට දාපූ?
වටකොට අහිංසක දරුවෙක් රැග දාපූ
දිවියට තබන තෙක් තිත, කිසි නොදැකාපූ
කරුමෙට නොපවරා කළවුන් හංගාපූ
හනිකට කැඳවපන් මහ උන් පොල් ගාපූ!
හඬහඬ කියද්දිත් ඇඳිවත ගලවාපූ
බලු, ජඩ සුනඛයිනි මවකගෙ කිරි බීපූ
වැඩි වැඩ නිසා තොපෙ, මරුවා කැඳවාපූ
අඬු කඩ, නෙරපුවත් මදි, ගෙව්මට පව් දීපූ
හදවත කකියවන මෙපුවත කියවාපූ
සියපත කැකුළ දුටු දුටු නෙත හඬවාපූ
ඉලපත රැගෙන සුළු දිය පා නහවාපූ
තව ලත නොව තලව්. ජස්ටිස් කෝ දීපූ?
සබරගමු සරසවියේ දරුවා වෙනුවෙන්.
ප.ලි.
කකියවන හදවත
ලියුවා මෙලෙස මෙපුවත
සමා, කියවන මිත
සාම පරවියා නිති ඇත අත.