කිත්මිණි ජයසිංහ ලන්ඩනය

2021 පෙබරවාරි කලාපය

ඇය.....යශෝදරා

දරාගෙන දුක
හදාගෙන හිත
නොයා පසුපස
කදුලු සැඟවුව

මහා මෙර බර
හිතේ හිරවුන
නොදී කඳුලට
හදේ වැලලුව

පතා බුදු බව
සදා හැරගිය
හදේ හිමිකම
පුදා සැනසුන

ඇගේ පිවිතුරු
පෙමේ අරුමය
කෙසේ කියමිද
ලියා කවි පද?

02/01/21
View Poem