ඇඹලයා සහ පැණි හැලිය
කියවා තිබුන පොත් පත් කවි කලාප
උන්නා කූඹියෙක් දොඩනා ප්රලාප
කසනා තරමටයි, පිටකට සනීප
අත මිට සරුයි නෑ තහනම් කලාප
දිවා රෑ දෙකේ එකසේ එහෙමෙහෙ දුවන
කම්මැලි නොවී තව තව වස්තුව සොයන
මිතුරන් සමග මග තොට හමුවී දොඩන
කවියෝ කව් ලියති උගෙ යහගුන දකින
කල් ගතවුනා කූඹියා දැන් පොහොසතෙකි
ගස් උඩ නැ සියන්ටත් ගේ දොර සදති
කොඩැයි කියා පෙලපත් නම් පට බඳිති
කවි ලී, අත් සොය සොයා නිතරම සපති
ගස් මුදුනේ කොඩැයි ජනපද තනාගෙන
පොහොසත් නෑයෝ කැන්දා පිරිවරාගෙන
කොඩැයියගේ වං හුං හෙම අසාගෙන
තෙල් කූඹියෙක් ආවා එක්, උදෑසන
තෙල් කූඹියා කී පුවතට කන පිරුනි
රජ මැදුරක, පැණි හැලියට දොර හැරුනි
රස තන්හාව දලුලා දින දින වැඩුනි
කොඩයියා නොවේ ඇඹලයා, දැන් ඉතිනි
ගස් උඩ කූඩුවේ අඹු දරුවන් කැන්දා
ඇඹලයා සනුහරේ, පොහොසත් කල හන්දා
මැදුරේ, පැණි හැලිය මදිවිනි දෝ මන්දා
ඉඳුලට පවා රජගෙයි, ඌ පෙම් බැන්දා
කුඹියා ගැන තුටින් කිවිවරු කව් ලිව්වා
කොඩැයි වාසගම දුටුදා පැන දිව්වා
"පැණි හැලියට වහ වැටුන ඇඹලයා" යැයි කිව්වා
කුලියට ලියන්නෝ ගැන ඇඹලය සෙව්වා
ගස් උඩ යස රුවට මාලිග තනාගෙන
පාටත් හොදයි නපුරුයි අත් සපාකන
දිමියොත් ඔබේ, නෑදෑයෝ කියාගෙන
කුලිකරුවො ලිවා බොරු ගොතාගෙන
හැඩ රුව සැර පරුස දිමි ගස්, රජ කරන
නෑයෝ බැවින් අවුලක් නෑ උඩු ගුවන
ගස් පාමුලේ තැන තැන බංකර බඳින
කඩි හමුදාව නෑයෝ කිම බිය ඉතින
වසාගන්න නම් උප්පැන්නේ අඩුව
පෙලපත ගෙතිය යුතුමයි නවනළු මුසුව
ඇඹලයා තුටු පහටු විය දැක දැක, බොරුව
"ඇඹල මහා වංශය" ලියවිනි සරුව
දවසක් ඇඹලයා පැණි හැලියට වැටුනා
කරක් වටේ ගිලිලා "වසවත්" පෙනුනා
කඩි දිමි නොනෑයෝ පිටුපා ගෙට වැදුනා
"මම කූඹියෙක්" කියමින් ඇඹලයා ගිලුනා
උන්නා කූඹියෙක් දොඩනා ප්රලාප
කසනා තරමටයි, පිටකට සනීප
අත මිට සරුයි නෑ තහනම් කලාප
දිවා රෑ දෙකේ එකසේ එහෙමෙහෙ දුවන
කම්මැලි නොවී තව තව වස්තුව සොයන
මිතුරන් සමග මග තොට හමුවී දොඩන
කවියෝ කව් ලියති උගෙ යහගුන දකින
කල් ගතවුනා කූඹියා දැන් පොහොසතෙකි
ගස් උඩ නැ සියන්ටත් ගේ දොර සදති
කොඩැයි කියා පෙලපත් නම් පට බඳිති
කවි ලී, අත් සොය සොයා නිතරම සපති
ගස් මුදුනේ කොඩැයි ජනපද තනාගෙන
පොහොසත් නෑයෝ කැන්දා පිරිවරාගෙන
කොඩැයියගේ වං හුං හෙම අසාගෙන
තෙල් කූඹියෙක් ආවා එක්, උදෑසන
තෙල් කූඹියා කී පුවතට කන පිරුනි
රජ මැදුරක, පැණි හැලියට දොර හැරුනි
රස තන්හාව දලුලා දින දින වැඩුනි
කොඩයියා නොවේ ඇඹලයා, දැන් ඉතිනි
ගස් උඩ කූඩුවේ අඹු දරුවන් කැන්දා
ඇඹලයා සනුහරේ, පොහොසත් කල හන්දා
මැදුරේ, පැණි හැලිය මදිවිනි දෝ මන්දා
ඉඳුලට පවා රජගෙයි, ඌ පෙම් බැන්දා
කුඹියා ගැන තුටින් කිවිවරු කව් ලිව්වා
කොඩැයි වාසගම දුටුදා පැන දිව්වා
"පැණි හැලියට වහ වැටුන ඇඹලයා" යැයි කිව්වා
කුලියට ලියන්නෝ ගැන ඇඹලය සෙව්වා
ගස් උඩ යස රුවට මාලිග තනාගෙන
පාටත් හොදයි නපුරුයි අත් සපාකන
දිමියොත් ඔබේ, නෑදෑයෝ කියාගෙන
කුලිකරුවො ලිවා බොරු ගොතාගෙන
හැඩ රුව සැර පරුස දිමි ගස්, රජ කරන
නෑයෝ බැවින් අවුලක් නෑ උඩු ගුවන
ගස් පාමුලේ තැන තැන බංකර බඳින
කඩි හමුදාව නෑයෝ කිම බිය ඉතින
වසාගන්න නම් උප්පැන්නේ අඩුව
පෙලපත ගෙතිය යුතුමයි නවනළු මුසුව
ඇඹලයා තුටු පහටු විය දැක දැක, බොරුව
"ඇඹල මහා වංශය" ලියවිනි සරුව
දවසක් ඇඹලයා පැණි හැලියට වැටුනා
කරක් වටේ ගිලිලා "වසවත්" පෙනුනා
කඩි දිමි නොනෑයෝ පිටුපා ගෙට වැදුනා
"මම කූඹියෙක්" කියමින් ඇඹලයා ගිලුනා