නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 පෙබරවාරි කලාපය

ඇද්ද කිසිවෙක් මව් නොවූ මට?

ඇද්ද කිසිවෙක් මව් නොවූ මට?

මා උපන්දා මියැදුනා නම්,
නැවත ඉපදෙන්නැ’ති කොහේ හෝ,
තවත් මවකගෙ දරු ගැබක් තුල,
ඔබද අද ඇති මගේ වයසෙම.

කොහේ හෝ ඔබ හිදින්නට ඇති.
සම වයස් දැරියක් ලෙසින්,
එකට වැලි බත් පිසින්නට ඇති,
එකම පංතියෙ, එකම බංකුවෙ,
අකුරු කළ දැරියක් ලෙසින්.

දෑත් පටලා ඇවිදින්න ඇති,
වැලි මළුව දිග, කටු පදුරු අග.
අසල රැදෙමින්, සෙනෙහෙ බෙදමින්,
හොදම මිතුරිය ලෙසින්.

එහෙත් මිතුරිය වියපත්ව ඇත,
දෙදෙනාම අප ලෝ දහම ලෙස.

විටෙක ඔබ එයි මවක විලසින්, තව වරෙක යෙහෙලිය ලෙසින්,
සසර දුක දැක අසරනව අප, අඩන්නට ඇති, ඇති තරම්.
හැඩය රූපය වෙනස් වෙයි නිති, දියව ගලනා හිම ලෙසින්,

නැවත දිනකදි වතුර ඝනවෙයි, නොගලනා දැඩි හිම ලෙසින්.

යමුද? අපි අද අරණ වෙත දැන්, සිසිල් බෝ පත් සෙවන දුන්,
නිස්සරණ දම් ගුණ පුරන්නට
මිදෙන්නට හර සුන් කයින්.
View Poem