ඇතින්නක පැටියා සමඟ දුම්රියක ගැටී මිය යයි.(සිරස්තලයක්)
දුම්රිය රියදුරු:
ස්වාමීනී,
හරියට ඉද්ද ගැහුවා වාගෙයි පාර
ලාම්පුවේ එළිය අන්තිම සිල්පරෙත් පේන්න
අලියෙක් නොවෙයි ඉඳිඹුවෙක් හිටියත් දකින්න
උදව් කලා කිරි බැබලෙන හඳපාන
1 වැනි නියාමක :
මගීන් සිටියෙ සුව නින්දක අනාගතේ සිහින එක්ක
කණාමැදිරි පියෑඹුවේ උන්ගෙ පහන් හකුලාගෙන
ඊතලයක් විද්ද වගේ පාර පෙනුනෙ හරි ඈතට
කොහෙන් කොහොම මතු වුනාද තවමත් බෑ හිතාගන්න
2 වැනි නියාමක :
සිග්නල් එළි හඳ එළියේ තරු කැට වගෙ සැඟව යනව
අතු අගිස්සෙ සිටිය බස්සො ඇස් පියාන වහන් වෙනව
රේල් පීලි හමුවෙන තැන හරි වෙගෙන් ඈත් වෙනව
ඊළඟ නැවතුමත් අපේ ටිකෙන් ටිකම ළඟට එනව
ඇතින්න :
ස්වාමීනී, ඔවුන් සේරම නිදොස් නිවැරදිකරුවන්
බුරුලට මුව තියා ඉරුවත් කිරි බොන්න
බුරුලම වේලිලා කිරි නෑ එරෙන්න
නොහඬා හිටියෙ දරුවට දුක නොහිතෙන්න
රැහේ එවුන්ටත් කිරි නෑ එරෙන්න
පෙරදා රැයේ හේනක පැල බිඳලා
සඟවා තිබූ වී කුරහන් ටික බීලා
දරුවා ළඟට ගෙන කිරි උගුරක් දීලා
සිම්බත් උගේ හිස මගෙ හිත පෑරීලා
පැලේ සිටිය පැටවුන් හඬති බඩගින්නේ
ගෙවිලිය ගොවිපුතා ඉන්නේ දුක්ගින්නේ
කැඩු පැල කොහොමදැයි සරිකර සදන්නේ
දෙඅත් නගා දෙවියන්ගෙන් විමසන්නේ
මගෙ ලොකු එකා දවසක් ගම් වැදීලා
එන විට වැරදිලා පතහක වැටීලා
ගොඩගනු පිණිස ඔහු මරනෙන් මුදාලා
අපි හින්දා දුක් විඳි උන් පිරීලා
මහ වන මැද්දෙ අපෙ ගම් බිම් එළි කරලා
ජලබිම් වැව් ටිකයි ඒකට මැදි කරලා
යන්නට බැරිවෙන්න වට කොට වැට බැඳලා
ගම්මුයි අපියි කොටවති විරසක කරලා
ඔවුනුයි අපියි ඉන්නේ එක දුක් ගින්නේ
කවුරුන් කවදාද කොහොමද විසඳන්නේ
ජීවත් වෙන්න හැටියක් නෑ අපි දන්නේ
හිතකින් නොවෙයි දරුවත් අරගෙන පැන්නේ
ස්වාමීනී,
හරියට ඉද්ද ගැහුවා වාගෙයි පාර
ලාම්පුවේ එළිය අන්තිම සිල්පරෙත් පේන්න
අලියෙක් නොවෙයි ඉඳිඹුවෙක් හිටියත් දකින්න
උදව් කලා කිරි බැබලෙන හඳපාන
1 වැනි නියාමක :
මගීන් සිටියෙ සුව නින්දක අනාගතේ සිහින එක්ක
කණාමැදිරි පියෑඹුවේ උන්ගෙ පහන් හකුලාගෙන
ඊතලයක් විද්ද වගේ පාර පෙනුනෙ හරි ඈතට
කොහෙන් කොහොම මතු වුනාද තවමත් බෑ හිතාගන්න
2 වැනි නියාමක :
සිග්නල් එළි හඳ එළියේ තරු කැට වගෙ සැඟව යනව
අතු අගිස්සෙ සිටිය බස්සො ඇස් පියාන වහන් වෙනව
රේල් පීලි හමුවෙන තැන හරි වෙගෙන් ඈත් වෙනව
ඊළඟ නැවතුමත් අපේ ටිකෙන් ටිකම ළඟට එනව
ඇතින්න :
ස්වාමීනී, ඔවුන් සේරම නිදොස් නිවැරදිකරුවන්
බුරුලට මුව තියා ඉරුවත් කිරි බොන්න
බුරුලම වේලිලා කිරි නෑ එරෙන්න
නොහඬා හිටියෙ දරුවට දුක නොහිතෙන්න
රැහේ එවුන්ටත් කිරි නෑ එරෙන්න
පෙරදා රැයේ හේනක පැල බිඳලා
සඟවා තිබූ වී කුරහන් ටික බීලා
දරුවා ළඟට ගෙන කිරි උගුරක් දීලා
සිම්බත් උගේ හිස මගෙ හිත පෑරීලා
පැලේ සිටිය පැටවුන් හඬති බඩගින්නේ
ගෙවිලිය ගොවිපුතා ඉන්නේ දුක්ගින්නේ
කැඩු පැල කොහොමදැයි සරිකර සදන්නේ
දෙඅත් නගා දෙවියන්ගෙන් විමසන්නේ
මගෙ ලොකු එකා දවසක් ගම් වැදීලා
එන විට වැරදිලා පතහක වැටීලා
ගොඩගනු පිණිස ඔහු මරනෙන් මුදාලා
අපි හින්දා දුක් විඳි උන් පිරීලා
මහ වන මැද්දෙ අපෙ ගම් බිම් එළි කරලා
ජලබිම් වැව් ටිකයි ඒකට මැදි කරලා
යන්නට බැරිවෙන්න වට කොට වැට බැඳලා
ගම්මුයි අපියි කොටවති විරසක කරලා
ඔවුනුයි අපියි ඉන්නේ එක දුක් ගින්නේ
කවුරුන් කවදාද කොහොමද විසඳන්නේ
ජීවත් වෙන්න හැටියක් නෑ අපි දන්නේ
හිතකින් නොවෙයි දරුවත් අරගෙන පැන්නේ