දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2025 අප්‍රේල් කලාපය

ඇණ එයාගෙ මිටිය අපේ...!

සින්දු වයා, හැමදාමත් රූං
හඬිං ඒ වදදෙන...
නින්ද නේන රාත්‍රියක් නිතරම මාහට ගෙනදෙන...
අන්දකාරෙ වාදකයා දුටුවම
දසුනින් මෙ පෙනෙන...
සුන්දර අදහස් මැවෙද්දි, ඒවා ලියනෙමි, සිත'ටෙන...

ගස්සන කල අත පය යම් කිසිවක් ඇනුනයි දැනගෙන...
මිස් වන විට අල්ලගැනුම, තරහ කෙතෙක්දෝ ඉපදෙන...
ඉස්සර මදුරුව මවාපු කාලෙ
වුනා යයි කියවෙන...
ලස්සන මේ කතාව, මතකෙට
ආවේ පුදුමෙට මෙන...

දෙවියන් මැවු කල මදුරුව, රුහිරෙන් නිවනා කුසගින...
ඔහු යන්නට පෙර ඉල්ලා ගත්තලු නෙව 'ඇණ'
එ විදින...
තදියන් වී හැදුවත් හිල් කෙරුමට
අපෙ හම, බැරිවින...
ගිනියන් වූ සිතකින් ගොස්
එමැවුම් කරුවා හමුවින...

"මොනවද මේ වැඩ දෙවියනි ,
හිල් කරගන්නට බැරිවින..,
ඇණ විදුමට 'මිටිය' නොදුන් එක
නරකයි!" නෙව කියමින...
"වෙනවද , ඉවසන්න මෙමට කෙතෙක් කලක් මේ කුසෙගින..,
දෙනවද එය අදවත් ?" හඬ
තැලුවලු මදුරුව තරහින...

ඇසුන කලදි අපවාදය දෙවියන්
බලමින්, හිනැහින...
අසුන රත්නොවී ඇත්තේ ,
වරදක් නැතිබැව් වැටහින...
දෙසුන මෙලෙස, " මිටිය ලැබෙයි
ඇණය කිට්ටු කළ සැනෙකින!"...
ගැසුන පහර 'චටස්' හඬින්;
අහෝ මදුරුවා වැනසින...
View Poem