මිහිරි චතුරංගි වික්‍රමනායක ප්ලිමත් ,එංගලන්තය

2025 පෙබරවාරි කලාපය

ආවොතින් යා යුතුයි බෑ නවතින්න...

අන්තිමට අපි හමුවුණ තැන දැනුත් මේ පහුවුණා

පුරුදු පරිදිම රොබරෝසියා ගස හිස සලා හිනැහුණා

ඔබ එනතුරු නොඉඳ යන්නේ ඇයිද බැල්මක් හෙලා

කිසිත් නොඅසා බිම හැලුණු මල් දෙස බලා සුසුමක් පිට කළා

ආපවාතින් යා යුතුයි බෑ නවතින්න

හමුවුණොත් නියතයකි කවදාක හෝ වෙන්වීම

මටත් ඔබටත් එයයි සනාතන දහම

නොවිමසා පෙර කරුණු හිනාවෙමු සද්දෙට

කිසිදාක රිදවුම් නොලද වුන් විලස.....



ප්ලිමත්,එංගලන්තය
View Poem