ආදරේ...🌹🌹🌹
ගිරි කුළෙක , ඇල දොළක හෝ ගඟක..
ගලෙක ඇලෙනා පෙඳපාසි යැයි
සිතෙන විට...
කඳු මුදුන් සිප හමා එන
සුළඟක...
තුරු මුදුන් මත වෙලෙන මදනලක...
මහ පොලොවෙන් ඉපදී.....
උල්පතකින් මතුවී ......
නදී විල්වල ගැවසී......
අහසට එසවී.....
යලි පොලොව මත
වැතිරෙන දිය බිඳක්මද...?
ගිම්හානයේ උයන්
යට ඇවිද යන
ගැහැණියක හෝ
පිරිමියෙකු හිසමත
රැඳවුන මලක් වෙද..?
සක්වල අභිමුවෙහි පිපෙන
තාරකා පසුකොට පැමිණි මන්දාකිණියකද ...?
අකුණු ගසනා වළාකුළු
අතරින් පෙරී
රිදී ඉරක්ව පෙනෙන
රේඛාවකද ?...
ගියොත් යන්න
දෙන තරමටම...!
ආයේ ආවොත් ඉන්ට
දෙන තරහටම ....!
ආදරේ විඳින්නට නම්
"හිත".....
නිදහස් වී නිදහස් කල යුතුය...!
ගලෙක ඇලෙනා පෙඳපාසි යැයි
සිතෙන විට...
කඳු මුදුන් සිප හමා එන
සුළඟක...
තුරු මුදුන් මත වෙලෙන මදනලක...
මහ පොලොවෙන් ඉපදී.....
උල්පතකින් මතුවී ......
නදී විල්වල ගැවසී......
අහසට එසවී.....
යලි පොලොව මත
වැතිරෙන දිය බිඳක්මද...?
ගිම්හානයේ උයන්
යට ඇවිද යන
ගැහැණියක හෝ
පිරිමියෙකු හිසමත
රැඳවුන මලක් වෙද..?
සක්වල අභිමුවෙහි පිපෙන
තාරකා පසුකොට පැමිණි මන්දාකිණියකද ...?
අකුණු ගසනා වළාකුළු
අතරින් පෙරී
රිදී ඉරක්ව පෙනෙන
රේඛාවකද ?...
ගියොත් යන්න
දෙන තරමටම...!
ආයේ ආවොත් ඉන්ට
දෙන තරහටම ....!
ආදරේ විඳින්නට නම්
"හිත".....
නිදහස් වී නිදහස් කල යුතුය...!