සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2024 අගෝස්තු කලාපය

ආදරය බෙදමි

මුලු හදින් එක්වරම
පෙම් නොකර කිසිවෙකුට
හද නැගෙන ආදරේ
සම සමව බෙදන්නෙමි

ඇස් පිනන ලස්සනට
විඳ සතුට හදවතින්
වැය කරමි කාලක්ම
යළි දෙනෙත් නොගැටුනත්

ආදරය කරුණාව
උතුරනා සිත් වලට
වෙන් කරමි තව ටිකක්
දුකක් නැත නොලැබුණත්

මගේ හද අඳුරනා
පෙමින් මා සනසනා
හදක් වෙත පවරමී
තවත් හතරෙන් එකක්

තිරව තැන්පත් කරමි
ඉතිරි කොටසම හදේ
දෙන්න ආදරෙ මගේ
තවත් අය ඉල්ලුවොත්
View Poem