ආදරබර පුංචි කාලෙ වැලන්ටයින් ගෑනු ලමයි,
ඉදහිටලා මල් පොකුරක්
එනකොට මගෙ මල් බදුනට
මතක් උනා චූටි කාලෙ
කෝචිචියෙන් ආව ගමන
ස්ටේශම ලගින් බැහැල
බස් කට්ටක එල්ලෙන කොට
පොත් මල්ලේ බර වැඩිවී
කඩා වැටුන උරහිස් ලග
කොලු ගැටයෙක් දැවටෙනවා
හිස හරවා බලනා විට
නාකු හුචක්කුවක් ඇගේ
ඇතිලෙනවා බර සාරෙට
පිටිපස්සේ කොල ටයි පටි
අක්කී කෙනෙක්
හඩ දෙනවා වගකීම
"නංගි ,නංගි එහෙට වෙන්න
ඔය මිනිහා එයි ඇගටම"
තේරුන් නෑ ඇයි කියලා
අනේ චූටි මගේ හිතට
බහින තැනට ලං වෙනවා
අපි යනවා ඉස්සරහට
වල් මිනිහෙක් නංගියෙ ඒ
අසහනකාරයෙක් නේද
අක්කිල ටික කතා වෙනව
මං උඩබිම බලනා විට..
ගයිඩින් අවසන් වී අපි
ඉස්කෝලෙන් නගිනා විට
ඒ බස් එක ඒ මිනිහට්ත්
එක්කම ආවා නගරෙට
උදේ මතක මූනට මං
බයවී බැස්සා විගහට
අර මිනිහත් බැස්සා
මං බහින් කොටම ඒ විගසම
අක්කෙක් බැස්සා එතනින්
"නංගි එන්න" කීවා මට
මිනිහා ඒ අක්කි ලගින්
"හොදින් බලා ගමු" කීවට
"කාර් එකක් අරන් යන්න"
තව කුටු කුටු ගෑවා ඔහු...
අක්කී කුඩ මිට ගත්තා
"අක්කේ අපි තරහ නොගෙන
නොපෙනී යමු මං කීවා"
"නෑ නංගී ඔයා පොඩියි"
"මේ මිනිස්සු අවිනීතයි"
"අවිහිංසක දැරියන් ලග
හැසිරෙන හැටි හරි නරකයි"
මං හොදටම බය වෙනවා
"නංගි බය වෙන්න එපා"
ඈ හිස අතගා කීවා
ශිෂ්‍යත්තෙන් පාස් වෙලා
මං කොළඹට යන්න ගියා
මේ සුන්දර පොඩි කාලය
හිතේ කොනක
නලියෑවා..
හුග කල් ගොස් අලුත් කඩේ
උසාවියෙන් මං බැස්සා
අක්කී ජජ් කෙනෙක් වෙලා
නඩු අහනව මං දැක්කා...
සතුටම මගෙ හිත පතුලේ
ඈ ලග මං සුබ පැතුවා...
නංගී ඔයා ගැන මතකය
මගේ හිතේ ඉතුරු වුනා..
"මුව පැටියෙක් වගේ ඔයා
වල් මිනිහට බය වූවා
අක්කෙක් ලෙස මගේ හිතින්
මං ශක්තිය අර ගත්තා"
අපචාරෙට එන මිනිසුන්
හට දඩුවම් මං දෙනවා
එදා ඔයා ලග හිතු දේ
මං අද රටටම දෙනවා...
අමිහිරි වූ මිහිරි මතක
හිතේ රූප අද ඇන්දා
මිනිස් හිතේ බල මහිමය
සතුටක් අරගෙන ආවා..
එනකොට මගෙ මල් බදුනට
මතක් උනා චූටි කාලෙ
කෝචිචියෙන් ආව ගමන
ස්ටේශම ලගින් බැහැල
බස් කට්ටක එල්ලෙන කොට
පොත් මල්ලේ බර වැඩිවී
කඩා වැටුන උරහිස් ලග
කොලු ගැටයෙක් දැවටෙනවා
හිස හරවා බලනා විට
නාකු හුචක්කුවක් ඇගේ
ඇතිලෙනවා බර සාරෙට
පිටිපස්සේ කොල ටයි පටි
අක්කී කෙනෙක්
හඩ දෙනවා වගකීම
"නංගි ,නංගි එහෙට වෙන්න
ඔය මිනිහා එයි ඇගටම"
තේරුන් නෑ ඇයි කියලා
අනේ චූටි මගේ හිතට
බහින තැනට ලං වෙනවා
අපි යනවා ඉස්සරහට
වල් මිනිහෙක් නංගියෙ ඒ
අසහනකාරයෙක් නේද
අක්කිල ටික කතා වෙනව
මං උඩබිම බලනා විට..
ගයිඩින් අවසන් වී අපි
ඉස්කෝලෙන් නගිනා විට
ඒ බස් එක ඒ මිනිහට්ත්
එක්කම ආවා නගරෙට
උදේ මතක මූනට මං
බයවී බැස්සා විගහට
අර මිනිහත් බැස්සා
මං බහින් කොටම ඒ විගසම
අක්කෙක් බැස්සා එතනින්
"නංගි එන්න" කීවා මට
මිනිහා ඒ අක්කි ලගින්
"හොදින් බලා ගමු" කීවට
"කාර් එකක් අරන් යන්න"
තව කුටු කුටු ගෑවා ඔහු...
අක්කී කුඩ මිට ගත්තා
"අක්කේ අපි තරහ නොගෙන
නොපෙනී යමු මං කීවා"
"නෑ නංගී ඔයා පොඩියි"
"මේ මිනිස්සු අවිනීතයි"
"අවිහිංසක දැරියන් ලග
හැසිරෙන හැටි හරි නරකයි"
මං හොදටම බය වෙනවා
"නංගි බය වෙන්න එපා"
ඈ හිස අතගා කීවා
ශිෂ්‍යත්තෙන් පාස් වෙලා
මං කොළඹට යන්න ගියා
මේ සුන්දර පොඩි කාලය
හිතේ කොනක
නලියෑවා..
හුග කල් ගොස් අලුත් කඩේ
උසාවියෙන් මං බැස්සා
අක්කී ජජ් කෙනෙක් වෙලා
නඩු අහනව මං දැක්කා...
සතුටම මගෙ හිත පතුලේ
ඈ ලග මං සුබ පැතුවා...
නංගී ඔයා ගැන මතකය
මගේ හිතේ ඉතුරු වුනා..
"මුව පැටියෙක් වගේ ඔයා
වල් මිනිහට බය වූවා
අක්කෙක් ලෙස මගේ හිතින්
මං ශක්තිය අර ගත්තා"
අපචාරෙට එන මිනිසුන්
හට දඩුවම් මං දෙනවා
එදා ඔයා ලග හිතු දේ
මං අද රටටම දෙනවා...
අමිහිරි වූ මිහිරි මතක
හිතේ රූප අද ඇන්දා
මිනිස් හිතේ බල මහිමය
සතුටක් අරගෙන ආවා..