ආදරණීය ලොකු අයියා
මාපලගම සේන ගණේවත්ත
(ආදරණීය ලොකු අයියා)
මරණෙදි මගුලකදි සැම සිත් සනසාන
අරගලයකදි එතනට සමගිය ගේන
හෙළකවියෙහි බලය පෙන්නා අසමාන
කල දස්කම් අගෙයි මගෙ අයියා සේන
රට දැය රැකිය යුතුතැන පසුබට නූන
අවියකි ඔහුගෙ කවි හඩ සහ කවිපෑන
කවියෙන් නාටකද පොතපත කල සේන
අයියා නිවන් මග ජය ගන්නට ඕන
දහමට භාවනාවට ලැදිකම පාන
නුබගේ චිත්ත බලයද විය අසමාන
ඊ ළඟ නවාතැන සසරෙහි දත් සේන
අයියා පැතූ දෙයම ජයගන්නට ඕන
මල්ලී, ලකී ගනේවත්ත පැරීසිය
(ආදරණීය ලොකු අයියා)
මරණෙදි මගුලකදි සැම සිත් සනසාන
අරගලයකදි එතනට සමගිය ගේන
හෙළකවියෙහි බලය පෙන්නා අසමාන
කල දස්කම් අගෙයි මගෙ අයියා සේන
රට දැය රැකිය යුතුතැන පසුබට නූන
අවියකි ඔහුගෙ කවි හඩ සහ කවිපෑන
කවියෙන් නාටකද පොතපත කල සේන
අයියා නිවන් මග ජය ගන්නට ඕන
දහමට භාවනාවට ලැදිකම පාන
නුබගේ චිත්ත බලයද විය අසමාන
ඊ ළඟ නවාතැන සසරෙහි දත් සේන
අයියා පැතූ දෙයම ජයගන්නට ඕන
මල්ලී, ලකී ගනේවත්ත පැරීසිය