ආගන්තුක අවුරුද්ද...
දානියෙල් අප්පු කැපු කිතුල ..
දැන් එතන නෑ.
ගමට පැණි බෙදුව ඒ කිතුල
බිම පෙරළුණා.
පැණි නැතත් සීනියෙන් හරි..
කැවුමෙ කොණ්ඩෙ වැඩු .
වසන්තය ගෙට ගෙනා...
අම්ම මගෙ මියැදුණා.
**************************************
වළදාල දුම ගහල ... කෙසෙල් කැන් ඉදවාපු .
තාත්තගෙ අළු බඳුන ...
සොහොන යට සැඟවුණා.
එදා පොඩි අපි රොත්ත ..
සෙල්ලමට දුව පැන්න.
මහ ගෙදර පොඩි වත්ත ...
කොටු ඇතුළෙ හිරවුණා
***********************************
තනි තනිව පවුල් බර ..
කර ගහන්නට ගියා .
ඒ නිසා අපෙ හිතුත් ...
කොටු රූල් කොළ වුණා.
පාන්දර ගිනි හුළක් ..
අරන් දුවගෙන ගිහින් .
අහුල්ලපු කජ්ජු ගහෙ ..
පොළොව වල් බිහිවුණා.
**********************************
මාර ගහ කැපුවෙ නම්..
ඒ දවස්වලම මයි...
එදා උංචිල්ලාව ගැන..
මේ දැනුත් සිහි වුණා.
පුරාවුතයක් වෙච්ච..
ඒ සොඳුරු රස එක්ක.
උඩ යද්දි ... ජීවිතය..
මගෙන් අත ඇරවුණා.
***********************************
තරාදියකින් කිරා.
බලන්නට බැරි තරම්.
මොකද්දෝ වැලපුමක්
අපි එක්ක තනිවුණා.
ඒ රහට ඒ පාට .
කන්න බැරි නිසාවෙන්..
කලමනා කුස්සියට ..
එන්නටත් බිය වුණා.
*************************-****
ඇවිත් යළි අපි එක්ක ..
කතාවට සිනාවට.
අඳුර ගන්නත් නොහැකි..
නිසා හිත කැලතුනා.
අමිතගෙයි සේසිරිගෙ..
සනත් මහ ඇඳුරිදුගෙ.
සුජාතගෙ ගීතවල.
අවුරුද්ද නැලවුණා.
*****************************
2025.03 .24.
දැන් එතන නෑ.
ගමට පැණි බෙදුව ඒ කිතුල
බිම පෙරළුණා.
පැණි නැතත් සීනියෙන් හරි..
කැවුමෙ කොණ්ඩෙ වැඩු .
වසන්තය ගෙට ගෙනා...
අම්ම මගෙ මියැදුණා.
**************************************
වළදාල දුම ගහල ... කෙසෙල් කැන් ඉදවාපු .
තාත්තගෙ අළු බඳුන ...
සොහොන යට සැඟවුණා.
එදා පොඩි අපි රොත්ත ..
සෙල්ලමට දුව පැන්න.
මහ ගෙදර පොඩි වත්ත ...
කොටු ඇතුළෙ හිරවුණා
***********************************
තනි තනිව පවුල් බර ..
කර ගහන්නට ගියා .
ඒ නිසා අපෙ හිතුත් ...
කොටු රූල් කොළ වුණා.
පාන්දර ගිනි හුළක් ..
අරන් දුවගෙන ගිහින් .
අහුල්ලපු කජ්ජු ගහෙ ..
පොළොව වල් බිහිවුණා.
**********************************
මාර ගහ කැපුවෙ නම්..
ඒ දවස්වලම මයි...
එදා උංචිල්ලාව ගැන..
මේ දැනුත් සිහි වුණා.
පුරාවුතයක් වෙච්ච..
ඒ සොඳුරු රස එක්ක.
උඩ යද්දි ... ජීවිතය..
මගෙන් අත ඇරවුණා.
***********************************
තරාදියකින් කිරා.
බලන්නට බැරි තරම්.
මොකද්දෝ වැලපුමක්
අපි එක්ක තනිවුණා.
ඒ රහට ඒ පාට .
කන්න බැරි නිසාවෙන්..
කලමනා කුස්සියට ..
එන්නටත් බිය වුණා.
*************************-****
ඇවිත් යළි අපි එක්ක ..
කතාවට සිනාවට.
අඳුර ගන්නත් නොහැකි..
නිසා හිත කැලතුනා.
අමිතගෙයි සේසිරිගෙ..
සනත් මහ ඇඳුරිදුගෙ.
සුජාතගෙ ගීතවල.
අවුරුද්ද නැලවුණා.
*****************************
2025.03 .24.