චාන්දනී ආර් වේරගල මීගොඩ

2023 අගෝස්තු කලාපය

ආගන්තුක

කුහුඹු රැල විසිරිලා යන
නියොන් එළි දිලෙන වීදියට
රසඳුනක් නොවූ අඩ සඳක
ගෙවී ගිය සඳ පළුව නුඹ

බඳුන් තුල පෙති විදා පිපුණු මල්
සුවඳ බෙදනා මැදුරු තුල
විල් මත ම රඟන නෙළුම් මල්
සොයා ලතවෙන බමර නුඹ

පාට සමනල් සලු පැළඳ
නුරා දල්වන ලියන'තර
ඔසරි නෙරියක ලලිත බව
කරන සිතුවම් ඇදුරු නුඹ

ඉරි ගසා පිළිතුරු ලියන
බහුවරණ ප්‍රශ්න පත්තරේ
ගැලපෙනා පද පේලි අතර තුර
නොගැලපෙන පදය තවම නුඹ

හතර වෙනි සතියෙ අන්තිමට
වීසිකර සියළු දුක් ගැහට
මුමුණමින් ගීයක් යස රඟට
ගමට යන රජ පැටිය නුඹ
View Poem