පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2025 ජුනි කලාපය

ආකාසේ කුසුම

දහවල උදය රෑ සමඟින් එකට
එතී
තැන තැන මවයි සෝබර ගුප්තයක
ගතී
පිපුණොත් පරව යයි කොහොමත් මලක
පෙතී
එලෙසම සොඳුරු අය ඉක්මන් ගමන්
යතී

හිත යට තිබේ ඔබ නික්මී ගිය රිදුම
ලොවටම කියා දෙයි එහි පිළිවෙත් මැදුම
මුසුකර හරිමි වාතලයට රැඳි සුසුම
කොහෙ රැඳුනා ද ඔබ ආකාසේ කුසුම..?

සුවහසකගේ සිත් පින වූ ලාලිනිය
මදහස බෙදා නැළවූ සඳ රාජිනිය
මිහිරිම ගීත තනුවල සිටි වාදිනිය
හොරු අරගෙන ගියාදෝ අපෙ මාලිනිය
View Poem