අහිමි පුදබිම්
හිසේ එදවසේ සිපගත් මුදු කෙස්ස
දිසේ බත් පතේ කිම දික් කර හොස්ස
මසේ රුව මැකි දැන් මතුවෙයි කොස්ස
කෙසේ ලොව දකිනු ඇස් බැන්දුම් ලෙන්ස
මුතු පොට සේම එදවස දුටු දත් පේලි
නතු කර ගන්න කොච්චර ලිව්වද හෑලි
ඇතු දළ සේම දඟ යුග දැන් සුදු මෑලී
මතු නොව දැනුත් මම තුන් කුදු වූ මෑලී
නා දළු දෙතොල් ගොරකා ලෙලි දෙකක් වගේ
ගල් කුළු ලමැද දිය නැති පෙරහනක් හැගේ
කෝ සළු තිළිණ කණ කර බර කරපු මගේ
වාසල පහන නැති දා නුඹ දකිති අගේ.
වරල් පැලුන විලුඹේ දැලි නාවරය
ඉදල් මිටට දැතේ කර ගැට පෙලය
කරල් පැහුන යල මහ දැන් අහවරය
තුරල් නොවී වැහැපන් මහ රෑ දිගය
නිලුපුල් කියා දෑසට කවි පද බැන්ද
මුලු කොන ඇසේ කඹ සුඟ දැක තරහින්ද
කුලු මීමා නිවී, දැන් නුඹ දස සිල්ද
අළු යට ගින්න තැන් තැන්වල ඇවිලෙයිද
සුරල් අමතකව බෙර ඇහැ එලි පත්තේ
කිරල් දෙන හඬයි මිය ගිය දෙහි අත්තේ
කුසල් නොම කලත් වරුවක් සිල් ගත්තේ
කොහොල්ලෑ මිදි අත් පැටලේ කැත්තේ
කාසි මම නොවේ පිං කැටමයි ගත්තේ
දාසියක උවත් මල් නෑ ගේ වත්තේ
වාසියක් නැතත් අද හෝ මතු මත්තේ
රාසි වැරදිලා සෙනසුරු අත ගත්තේ
දිසේ බත් පතේ කිම දික් කර හොස්ස
මසේ රුව මැකි දැන් මතුවෙයි කොස්ස
කෙසේ ලොව දකිනු ඇස් බැන්දුම් ලෙන්ස
මුතු පොට සේම එදවස දුටු දත් පේලි
නතු කර ගන්න කොච්චර ලිව්වද හෑලි
ඇතු දළ සේම දඟ යුග දැන් සුදු මෑලී
මතු නොව දැනුත් මම තුන් කුදු වූ මෑලී
නා දළු දෙතොල් ගොරකා ලෙලි දෙකක් වගේ
ගල් කුළු ලමැද දිය නැති පෙරහනක් හැගේ
කෝ සළු තිළිණ කණ කර බර කරපු මගේ
වාසල පහන නැති දා නුඹ දකිති අගේ.
වරල් පැලුන විලුඹේ දැලි නාවරය
ඉදල් මිටට දැතේ කර ගැට පෙලය
කරල් පැහුන යල මහ දැන් අහවරය
තුරල් නොවී වැහැපන් මහ රෑ දිගය
නිලුපුල් කියා දෑසට කවි පද බැන්ද
මුලු කොන ඇසේ කඹ සුඟ දැක තරහින්ද
කුලු මීමා නිවී, දැන් නුඹ දස සිල්ද
අළු යට ගින්න තැන් තැන්වල ඇවිලෙයිද
සුරල් අමතකව බෙර ඇහැ එලි පත්තේ
කිරල් දෙන හඬයි මිය ගිය දෙහි අත්තේ
කුසල් නොම කලත් වරුවක් සිල් ගත්තේ
කොහොල්ලෑ මිදි අත් පැටලේ කැත්තේ
කාසි මම නොවේ පිං කැටමයි ගත්තේ
දාසියක උවත් මල් නෑ ගේ වත්තේ
වාසියක් නැතත් අද හෝ මතු මත්තේ
රාසි වැරදිලා සෙනසුරු අත ගත්තේ