අසරණකම
අසරණ විටදි ජීවන තක්සලාවේ
වදනක් නොමැත යෙදුමට සකි මනාවේ
ඇතුලත ගැටය පෙනුමට ඇති කලාවේ
එනමුත් ලෙහන්නට නැත උවමනාවේ
දඩයම බැරි කලට කුස ගිණි නැගී තවත්
සිටියද කරන්නට කිසිවක් නොවේ රවත්
අඟ ද කන ද කන්නට දුන් අරුම උවත්
දිවියේ හොඳම පාඩම දෙයි නිමල පුවත්
සියළු දේම සිදු වෙන්නේ තිරෙන් එහා
ඇහුවොත් පමණි දැන ගන්නේ කොහෙද කියා
රැඩිකල් වෙන්න හිතුවත්
හිත යටින් මෙයා
කෙළ උන විටදි අමතයි සුදු අනේ ඔයා
ආලය කියන්නේ සෙනෙහස බැඳීම
තාලය වටින්නේ විදිහට හිඳීම
කෝළය නැතිව ඒකෙන් නෑ රැඳීම
පාළුව තිබෙන්නේ හද අග රිදීම
ඉන්නවනං හිටු නොගියන් කමක් නැතී
ගියත් පාඩුවක් නැත උන්නද කිමෙක් රුතී
සමාජයට හොඳ මුහුණක් දෙවා නිතී
අකුලං ඉන්නවා එයමයි මනස එතී
නිට්ටඹුව
වදනක් නොමැත යෙදුමට සකි මනාවේ
ඇතුලත ගැටය පෙනුමට ඇති කලාවේ
එනමුත් ලෙහන්නට නැත උවමනාවේ
දඩයම බැරි කලට කුස ගිණි නැගී තවත්
සිටියද කරන්නට කිසිවක් නොවේ රවත්
අඟ ද කන ද කන්නට දුන් අරුම උවත්
දිවියේ හොඳම පාඩම දෙයි නිමල පුවත්
සියළු දේම සිදු වෙන්නේ තිරෙන් එහා
ඇහුවොත් පමණි දැන ගන්නේ කොහෙද කියා
රැඩිකල් වෙන්න හිතුවත්
හිත යටින් මෙයා
කෙළ උන විටදි අමතයි සුදු අනේ ඔයා
ආලය කියන්නේ සෙනෙහස බැඳීම
තාලය වටින්නේ විදිහට හිඳීම
කෝළය නැතිව ඒකෙන් නෑ රැඳීම
පාළුව තිබෙන්නේ හද අග රිදීම
ඉන්නවනං හිටු නොගියන් කමක් නැතී
ගියත් පාඩුවක් නැත උන්නද කිමෙක් රුතී
සමාජයට හොඳ මුහුණක් දෙවා නිතී
අකුලං ඉන්නවා එයමයි මනස එතී
නිට්ටඹුව