මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

2025 අප්‍රේල් කලාපය

අවසන් වසන්තය..

නැවුම් ලා හිරු රැගෙන
උදාවූ වසත් කල පිබිද ආ..
සෙනෙහසේ අරුණැල්ල සිපගන්න
පිපුණේය හද විලෙහි එක මලක්..
සුමුදු මුදු සුව සදන
මුදු සරින්
හැමුවේය සිහිල් පවනැලි පොදක්..
දිය රළද බිඟු කැලද
පාට සමනල් පෙලද දොඩමළුය...
නැති වීය මලට තනි නොතනියක්..

තත්පරය විනාඩිය පැය දවස ගෙවෙන කල
වෙහෙස විය කාළයද
ගෙවා දිගු ගමන් මග

හිරු දැවී අහස් ගඟ
ගිනි ගද්දි ටිකෙන් ටික
සිසිලසක් සොයා ගිය
කැටි ගැසුනු වලාවක
රැඳුනේය සෙනෙහසෙහි පිනි බිඳක්...
විකල් වූ කාලයෙන්
පීඩිතව හඹා ආ
අකල් මහ කුණාටුව
හැමුවේය වියරු ලෙස ගෙන වෙසක්...

පියාඹා දුහුවිල්ල
ඉරා දැමුවෙන් විගස
වළා සළු ඇතිරිල්ල
ඇසුනේය හඬන හඬ කන කොකෙක්..
සෙනෙහසක් අහිමි වී
හිස්ව ගිය විජිතයේ
අවසන්ය වසන්තය,
වියැලේවි මල මෙන්ම හද විලත්
View Poem