අතුල රත්නායක ලන්ඩනය

2025 අප්‍රේල් කලාපය

අවමංගල දැන්වීම

හිනහවෙන්නට අමතක වූ
වෙලාවක් ඇත්තේම නැති
හිතහොඳ හාදයා
හුස්ම නොගෙනම මියගියා

මරනෙකට මඟුලට නොගියේ
වැඩරාජකාරිම ඉහට උඩින් නිසාවෙනි
අනේ අමනාප වෙන්න නම් එපා
පින්කම් නොකෙරුවට
දාන මාන නොදුන්නාට
හිත පන්සලක් වෙගේ වෙන්නැති
සමහර විට හොරෙන් හොරෙන්
බනබාවනා කරන බවුන් වඩන
උත්තමයෙකු වෙන්නටත් බැරිනැහැ

ඒත් වැඩපල ඉහටත් උඩින්
වෙලාවක් නැහැ කිසිම දෙයකට
හිනහවෙන්නට අමතක වූ
හිතහොඳ හාදයා
හුස්ම නොගෙනම මියගියා
View Poem