මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

2025 පෙබරවාරි කලාපය

අලුත් හඳ..

රත් වෙන තුරු මහ පොළොවට
තිස්සෙම අවු සැර වැටුනට
හැංගුන ඉර ගෙන තුරුලට
ගොම්මන එන හැටි ගෙපැලට

කොච්චර ආවත් කරුවළ
හෙන්දිරික්ක නෑ කලබල
දම් පැහැ තවරා මල-මල
දැක්කද අයුරුව හැඩ කළ

තෙල් දැමුවද මැටි පහනට
මල් පැල ඇවිලෙයි කදිමට
එන්නෙම දැන් මගෙ මතකෙට
පන්සල් යන හැටි පොහොයට

පන් කොළ පැදුරත් ගෙනෙන්න
මන් ලඟ පිළ උඩ එලන්න
කන්දට එපිටින් උපන්න
එන්න අලුත් හඳ බලන්න


උතුරු කැළිෆෝනියාව

Photo credit : Luke Stackpoole
View Poem