දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2024 ඔක්තෝබර් කලාපය

අරඹමු අකුරෙන් අයන්න අම්මේ!

අනේ අපේ අනාගතේ
අනුවනයින් අතට අරන්
අම්මපා අසික්ෂිතම අනුවනයින්
අඳුරෙ අතැර අතරමංව
අවසනකට අතවනද්දි
අඳුනාගෙන අකරතැබ්බ
අවදිවු අය අප අතරින්
අරගෙන අත් අඩංගුවට
අයුක්තියේ අණට අනුව
අමනුස්සයො අයුරු අමුතු
අතට අරන් අවිය අධම
අපෙම අයම අපේ අයට
අත්කරදුන් අවසානය
අපරාධය අධම අහෝ
අමරණීය අහිංසකයො
අදත් අකර්මන්‍ය අපිට
අතවනනව අනන්තයෙන්
අවදිවෙයව් ! අවදිවෙයව් !
අත්විඳිනට අදම අනගි
අරුම අළුත් අරුණල්ලක් !
අරඹන්නට අනෙක් අකුරු අවශ්‍යමද ?
View Poem