චමිලා නවගත්තේගම - ලන්ඩනය

2022 පෙබරවාරි කලාපය

අම්මා

සසර දුක් කදු එකට උසුලා හැම දිනේ බර කර දැරූ
අදර පෙම්මා දිදී ලැමදේ පෙව්ව කිරි වල රස පිරූ
වැහිර ගිය මුත් කුසට නැති ඇය අපේ බඩ කට සරු කෙරූ
ගෙදර බුදු මගෙ නිවන අම්මා සදා මා හද රැඳි විරූ

පුරා සෙනෙහස ලබා දුන් මව දැවී ලෝකය දකිද්දී
ගරා වැටුනත් සිතේ සිතුවිලි බලා පෙරමන් පුරද්දී
දරා දරු දුක ළයේ තද කර හොවා සුසුමන් හෙලද්දී
නුරා නෙතු ලඟ සිනා කැන්දයි නු⁣ඹේ සතුටද ගෙනෙද්දී

නැගෙන පිවිතුරු උතුම් කරුණා ළයෙහි හද පිරි සිනහ රන්දා
එරෙන කිරි වල බිඳක් ගානෙම මවගේ සිත තුටු රනින් කැන්දා
ගඟන තලයේ දිලෙන තරුකැට වගේ ඇය මා නෙතින් බන්දා
සිතන කිසිවෙක් ලොවේ නැතමට නුඹයි අම්මා සෙනෙහෙ දුන්දා
View Poem