චම්පිකා විජයවීර

2024 පෙබරවාරි කලාපය

අම්මයි දුවයි රැයයි

පුංචි දවස්වල නින්දෙන් බයවී
ටෙඩියත් අරගෙන මහ රෑ යාමේ
කියමින් දිව්වා ඔබ වෙත අම්මේ
රකුසන් ඉන්නවා ඇඳ යට හැංගී

විදුලි පහන් සිලු නිවි නිවි යනවා
දහවල නිදි ලොව ගත හිරි හරිනවා
සෙවනැලි සුවිසල් රූප මවනවා
හද ගැහෙනා හඬ කණට ඇහෙනවා

රකුසන් ඉන්නවා අද මගෙ ඇඳ මත
දුවන්න බැහැ මට අම්මගෙ සොහොනට
පුංචි දෝණි මගෙ යනවා අකුරට
මට ගිලිහුණු ලොව දෙනවා ඇය හට
View Poem