සනත් හේමචන්ද්‍ර

2024 අගෝස්තු කලාපය

අම්බලම

සැදෑකල ගෙවෙන තුරු..
එක්වෙති මගියෝ අම්බලමට..
උනුන් සුව විමසමින්..
වැතිරෙති ගිමන් හරිනට..
එකතුව අහර පිස ගනිත්.. සැතපෙති යමක් වලදා..
උදෑසන අවදි වී..
නෙත් යොමා බලන විට..
මගේ යැයි සිතූ ඒ..
කොහි ගියෙද උන් සැවොම?
මොහොතකට නැවතිලා..
වැටුනෝය ගමනටම..
සිටිනු! යයි නවතන්න..
හැකිවීද කිසිවෙකුත්?
මවු පියන් ගිය සොවින්..
හැඩු කදුලු සයුර පැරදී..
දරුවන් සොයුරන් මිතුරන්ද...
ගිය සොවින් හැඩූ කදුලුද..
සත් මහ සයුර පැරදී..
මගේ යයි කියා හඬමින්..
යන්නෙමුද තව කොතෙක් දුර?
ලැබී ඇත දුලබ සැනයක්..
මෙ අම්බලමෙදී අද..
ලබන්නට විරාමය..
ගමණ නිම කරන්නට..
මගේ බව නිවා එම..
නැවතීම ලබන්නට.
View Poem