අපේ අම්මා
ඒ දණ්ඩෙන් අප එගොඩ කරනකොට
තිඹිරිගහේ මල් සුවඳ ඉබේ
නියරෙන් නියරෙට වක්කඩ අතරින්
හේමළයා නැහැ වෙනදා වගේ.
වංගෙඩියෙන් වී සහල් ඉපදිලා
ලිපළඟ ගිනිදළු බතක් ඉදේ
ඉරිඟු තැම්බිලා මුට්ටිය පිරිලා
දු දරුවෝ ලිප ළඟම වටේ.
වැස්ස වහිනකොට හිටවන ගොයමෙන්
ගොඩ ආවේ කළු අහස දිගේ
දෑතේ කරගැට දැසට දැනුනත්
බෝලත්තත් අපේ කමත වටේ.
අව්වට වැස්සට අහසට පොළවට
අපේ හිත හුරුකර දිරිය බැදේ
අම්මා කී කවි ඇහෙනවා වාගෙයි
අත්තම් මතකය ඇවිත් ඉබේ
තිඹිරිගහේ මල් සුවඳ ඉබේ
නියරෙන් නියරෙට වක්කඩ අතරින්
හේමළයා නැහැ වෙනදා වගේ.
වංගෙඩියෙන් වී සහල් ඉපදිලා
ලිපළඟ ගිනිදළු බතක් ඉදේ
ඉරිඟු තැම්බිලා මුට්ටිය පිරිලා
දු දරුවෝ ලිප ළඟම වටේ.
වැස්ස වහිනකොට හිටවන ගොයමෙන්
ගොඩ ආවේ කළු අහස දිගේ
දෑතේ කරගැට දැසට දැනුනත්
බෝලත්තත් අපේ කමත වටේ.
අව්වට වැස්සට අහසට පොළවට
අපේ හිත හුරුකර දිරිය බැදේ
අම්මා කී කවි ඇහෙනවා වාගෙයි
අත්තම් මතකය ඇවිත් ඉබේ