අපේක්ෂා රෝහල අබිමුව
දුටිමි ඇය එක් උදයෙක
අපේක්ෂා රෝහල අබිමුව
අපේක්ෂා රහිත බැල්මෙන
මව්පිය දෙදෙන දෙපසින
රෝහලේ වාසල් දොර
රකින රැකවලුන් මුව දෙස
අපේක්ෂාවෙන් බලන
ගිලනුන් අතර පොදිකන
ඔසවා කෙස් සිඳී ගිය හිස
විසල් නෙත’ගින් ම දෙස බලමින
සිනාවක් නැඟුනමුත් ඇගෙ වත
ආයාසයෙන් මඬිමි නැඟි කඳුළ මා නෙත.
අපේක්ෂා රෝහල අබිමුව
අපේක්ෂා රහිත බැල්මෙන
මව්පිය දෙදෙන දෙපසින
රෝහලේ වාසල් දොර
රකින රැකවලුන් මුව දෙස
අපේක්ෂාවෙන් බලන
ගිලනුන් අතර පොදිකන
ඔසවා කෙස් සිඳී ගිය හිස
විසල් නෙත’ගින් ම දෙස බලමින
සිනාවක් නැඟුනමුත් ඇගෙ වත
ආයාසයෙන් මඬිමි නැඟි කඳුළ මා නෙත.