නයෝමි අමරසිංහ

2024 ඔක්තෝබර් කලාපය

අපේක්ෂාවේ රාත්‍රිය

ගම් දනව් ඇවිද
නිය අගිසි කැඩී ගිය සබඳ..
අමතමි ඔබ..

ගිරි දුදුළු දෙනි පෙත ද
වන වදුලු තැනි බිම් ද
ලිය මඬුලු වගුරු ද
අවදියෙන් ඇහෙනව ද..

සහෝදර සිත් නැමැද
පා ලකුණු බිම ඇහිඳ
සුබ ලකුණු ලෙස ඉපිද
මල් තනනු රිසි නොවෙද..

කර්කෂක තත්පර ද
අර්ථයම දෙනු පිණිස
තුරු අගිසි මල් පැළැඳ
ඒ..
නුඹ නමිනි සකි සඳ..

Photo credit; TERRA
View Poem