කනීල් මතුරට

2024 ජනවාරි කලාපය

අප්පච්චි

වැලක්... ගහ කොල ඔතා ගත්තට
ගහට නොව... වැඩි උනේ බර
යන්න දී අතු අග... රිසි ලෙස
සුරැකුවා... පියෙකුසේ වැල
දිනක් එයි ගහ... වසාගෙන වැල
එදත් සිනාසුනා... දැක වැලේ මල්
දිරා ගියත් ගස... නොවේ අහිතක්
උනා පොහොරක් මිස… හැදෙන්නට වැල
ගස නැසූවත්... යම් දිනක වැල
ගසක් නොව කිසි දින... නසන්නේ වැල
ඒ වගේ පුත... සෙනෙහේ පිය
ගියත් වයසට... රිටක් උවලෙස
බදයි පොර... රැකුමට දරු කැල
දන්නේ නෑ නුබ... පිය සෙනෙහේ පුත
දුවයි සම..මස්..ඇට..ඇටමිදුලු සිඳ
එවන් අසරණ... පියවරුන් අද
කොතෙක් ඇතිදැයි... අසරණව අද

Photo Lora Ninova
View Poem