උපාලි වීරසිංහ

2022 ජුලි කලාපය

අප්පච්චි විරුවෙකි

ගලේ අකුරු අතගෑවා අප්පචිචි කියලා
සොඳුරු හදක් ඇති සෙබලෙක්
කරකාරෙක බැඳලා සොඳුර වෙන්න පෙරුම් පිරුව
මා සිහිනෙක වෙලිලා දිනක් මගදි අපෙ නෙතු යුග
එකිනෙක මුන ගැහිලා පෙමින් බැදුන නුඹ හා මා
සසරෙ හුරුව දැනිලා..
අතින් අතට මංගල මුදු
එකිනෙක පලදවලා රුවෙන් රුවට කැන්දන් ගියෙ
මනමාලිය කරලා නිරන්තරෙ දුන් උනුහුම
මා තුරුලේ තියලා ගිහින් මැනික මම එන්නම්
කිව්වේ මුව සිඹලා
නුඹෙන් ලදුව ඒ උණුහුම
මගෙ කුසතුල වැඩිලා නිරන්තරෙ සෙත් පැතුවා
අපි බුදු ගුණ කියලා දිනක් දුටුව ඒ දසුනට
මා සිහිසුන් විලා ඇදන් වැටුනෙ හිමියනි මා
නිසල සිරුර දැකලා.
පුංචි දෝණි නෑ කිසිදින නුඹ
හැබැහින් දැකලා දෙදන තියා ඇය වඳිනව
නුඹෙ රූපය සිඹලා ඇයට හොරෙන් ගලන කදුලු
සේරම පිස දමලා මමත් වඳිමි හිමියනි
දොහොත් මුදුන් තියලා
පුංචි දෝණි ඇවිදින් මෙහි
නමේ අකුරු හොයලා ගලේ අකුරු අතගෑවා
අප්පචිචි කියලා තවත් කොහොම ඉවසන්න ද
පපුවම යයි පැලිලා අපේ පැංචි සනසන්නේ නුඹ
විරුවෙක් කියලා ......
View Poem