දයානන්ද කන්නන්ගර ලන්ඩනය

2021 අගෝස්තු කලාපය

අඳුරු පිළිකුල් හෙටක්

සුන්දරම ළමාවිය
සිප්සතර මතකයන්
ඇළ දොළේ
කඩ පිළේ
පන්සලේ වැව් බිමේ
පළමු පෙම
ගම් පියස
මේ සියලු බීජයන්
යටි සිතේ තැන්පත්ව
කවියකට නගන්නට
සිතට බලකරනමුත්
එකගසිත් එකගකර
නොහැක එය කරන්නට
දුපතට වන විපත
රිදුම්දේ හදවතට
නීතියට වන ගැහැට
කෙලෙස ඉවසාගම්ද?
විනිසුරන් නඩු අසා
පෝරකය වෙත යැවුණු
දුදනන්ව ඉන් මුදා
පියාබන්නට යවන
අවිනීත නිරිදුන්ට
ප්‍රශස්තිය හිමිකරන
හිස් දනන්ගේ හඩින්
සවන වියපත්වීය

ලේ මසින් දිවි පුදා
උතුම් මව් රට රැක්ක
පොලොවයට සැතපෙනා
අපගේම සොහොයුරන්
කොටස්කර විකුනනා
මව්රටේ විපත දැක
සිතනු ඇත අහෝ අප
ඇයි අපේ පණ පුදා
රැකදුන්නෙ අපේ රට?
හඩනු ඇත පොලොවයට

සුවදවත් මල් කැකුළු
දුදනන්ට මසවුලක්
ලෙස ගැනෙන දුපතක
අදුරු පිළිකුල් හෙටක
කෙලෙස කවි ලියන්නද
View Poem