ගර්ලි චන්ද්‍රිකා මාළබේ

2022 මැයි කලාපය

‘’අනේ,කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ ”

එදවස මගේ මව් රට

ඉන්දියන් සාගරේ මුතු ඇටය.

උගනෙමි, සිප්හලේදී,

ඉතිහාසය,

යුග යුග හැදෑරුවෙමි.

උගනෙමි, රට සරු කළ

රජ දරුවෝ, රට බේරාගත්

රජ දරුවෝ ගැනදෑ අභිමානයෙන්

යුතුව,

පාසැල් ගමන ඇරඹුනදා

සිට මගේ මව් රට,

සංවර්ධනය වෙමින් පවතින රටකි

දකුණු ආසියාවේ,

වසර 55 ක් වියපත්ව ඇති අද, ද,

සංවර්ධනය වන රට එසේමයි.

අන් රටවල්

දියුණුවෙන් දියුණුවට පත් වූ යුගයක,

වසර 74 ක් පුරා දියවන්නාවෙ උන්

සොරකම් කළ නිසාවෙන්,

ලක් මෑණියගේ ජන දරුවනට උරුම දේ,

අද සියල්ල උගසට තබා,

සින්න වීමට ආසන්නව,

ලක් මවුන් අඬනා කළ,

නැවත යුග යුග ගණනක්,

පසුපසට ඇඳ දමා ඇත සැවොම.

පොඩි උන්ට කිරිත් නැති,

කන්නට බතුත් නැති,

ලෙඩට බෙහෙත් නැති,

පිසින්නටගින්දර නැති,

දකින්නට එළිය නැති,

තබා, එදා වේල සරිකරගත් එකාට කන්නට තිබූ ,

පාන් ගෙඩියද නැති කළ,

දස රාජ ධර්මයෙන්

රජුන් නොමැති කළ,

මේ කේතුමති පුරයට

දියසෙන් කුමරුනේ

වඬිනු මැන, දෑස් විවර කර,

මුසාවෙන් මුලා වූ,

රටේ, පණ අඳින ජන දරුවනගේ,

කඳුළු පිසදැමීමට //
View Poem