ගමගේ ලයනල්

2024 ඔක්තෝබර් කලාපය

අනුරෝදය

කවුරුවත් අපට නැති යුගයක
අඳුර පැතිරී හිතට බිය සැක
තිබී පහ විය මෙදා දවසක
අරුණ වැටුණා එවිට පොළොවට

නුවණ ලැබුණා දනහට
මනාපය දැන් මාලිමාවට
පැල්පතේ දුගියට
ලැබුනෙ රජකම අපේ පිනකට

හිරු වැටී දෙරණට
නැවුම් සුවඳක් දැනේ මනසට
පිපී මල් හිත යට
සුවඳ විහිදේ අනාගතයට

පැළ කරන බීජ විශ්වාසය
අතු ලා වැඩෙන සන්තෝසය
පවුරු බැමි මෙන් ද්වේශය
බිඳී නිවහල් වෙයං දේශය
- - - - - - - -
View Poem