ඩී.කේ.එච්. සම්පත්

2023 ජුලි කලාපය

අනියම් බිරිඳකගේ පහස විඳි සෙනෙහේ වන්ත සැමියෙකු

පැද යන විට පෙරට ජීවය නමැති රිය
අවැසි කම් ළඟදි ඉඳහිට නතර විය
ඉසුරින් සපිරි වුව කකියන දුකකි ළය
දිය ඇති මුත් සයුර පිපසට නොරිසි විය

පෙර කළ දෙයිනි පසු ලොව හැම දේ ලද්දේ
හරි මං නොදැන සිත ඒ මේ අත පැද්දේ
වැරදිමකින්දෝ මල් සර දුණු විද්දේ
බර වැඩි යැයි හැඟේ අතැඟිල බැඳි මුද්දේ

ගත් දින පටන් මා දිවියට ඔබේ අත
පුදුමයි පැව සෙනෙහස කර බැතින් සිත
වාවණු නොහැක පෙර දා ළය නොවුණි තෙත
බැරිවිය ඉඳින් රැකුමට මට පතිනි වත

නොදිටිමි දිනක් නැති මුව පිරි සිනාවන්
ලය දුක් සඟවමින් වුන් හැටි මනාවන්
දැකුමත් කම්කළුයි එය මනපිනාවන්
නුබ වන් කතුන් ලත් හිමි වාසනාවන්

අත් පා මෙහෙවරින් සන්ග්‍රහා කරන්නී
මා සැප පතා තුන් යම නිදි වරන්නී
ඔබ ළය රිදෙන තැනටම වැඩ කෙරෙන්නී
ඉවසුව කෙළෙස සත් පත්තිනි ඇතින්නී

හිත හිලෑ වෙලා පෙමකට අසම්මත
නිළයෙකු තුටු නොවෙයි තැබුවද මලක් මත
නොයනට යලිත් කීකරු නැත මගේ හිත
අභිනික්මෙනු මැනවි තරහක් සිතේ නැත
View Poem