වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2024 අගෝස්තු කලාපය

අනතුර

පළමු පෙම ටයරයක් වාගේ
ගැලවුණා වේගයෙන් යද්දී
ජීවිතේ කුඩු නොවී බේරුණි
හීන බිම සමතලා වෙද්දී

රෝද හතරේ ඇදය දිගහැර
බොඩිය ටින්කර් කර තියා
තැළුණු හීරුණු තැනට කැට්ලොයි
පුරවලා ගමනක් ගියා

අතේ ගැවසුණ ලෙසට රුපියල්
පිටත සායම් ලෙස උලා
කාලයක් ගතවුණා එන්නට
කොට උඩින් බැස නැඟිටලා

බිඳී ඉරිගිය හෙඩ් ලයිට් දෙක
දුටු දෙයින් ඩිම් විය වරක්
හැලුණු ටයරය අලුත් රථයක
සවිවෙලා දුටුවා දිනක්
View Poem