නයනශාන්ති දිසානායක

2024 අගෝස්තු කලාපය

අධිවේගයේ මඟහැරුම

අධිවේගයෙන් මාතරට
පිම්මේ ම ආපහුත් පියාඹන
පිරිමසාගෙන කාලයේ මසුරම
අමුණාන නෑ සනුහරේ මාලය
අධිවේගයෙන් ගෙවෙන මේ ජීවිත

පෙර, පෙරුම් පුරාගෙන
යන්න දවසක් ම කැප කර
කල්පෙකින් මූද නොදකින
දෑස පුරවා ම විද විද
හිතු හිතු තැනින් රැල්ල පෑගුව
කිරල බීමක රස මතක
අතීතය රස කෙරූ මතක පමණය

අතුර බැදි රුප්පාව
මැදින් හිරු චායාව
කරදිය හුළඟ විද විද
බැස යද්දි ගත්ත සේයාව
එකතු කර ගත් සිප්පි එක්කම
පැංචෙක් ගෙනත් දුන් මාලය
ඇත තාම මා ගාව
මතක මත පරිස්සං කරගෙන

හික්කඩුවේ දි ගල් මල්
සීනිගම පුද බිමේ හාස්කම්
දැක බලා විදගන්න ගිය ගමන්
ඒ තමයි ගොඩබිමෙන් ඈතටම
ගියපු දුර වීසා නැතුවමත්

රිටක සිටුවා ජීවිතය
පවුලක් අස්වසා ගනු රිසිව
මූද දුන් අස්වැන්න ඉල්ලගෙන
හුවමාරු කර ගත් හිනාවක් අග
නුහුරුවට 'දොඩනා' වචන රස කරමින
බෙන්තර ගඟේ පාලම පැන්න
හෙම්බත් උනත් දිගු ගමන
වින්දා අපිත් ජීවිතේ එහෙම

දැන් දුවද්දී පිම්මේ ම
එකම වේගයෙන් සීයට
නිදි බර දෑස පුබුදන
සිනහවක් වී තැවරෙන
ඒ... හෙමි හෙමින් ගිය මඟේ
සුවඳ පමණය මතක
View Poem