පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2025 මැයි කලාපය

අත් නොහැර අත් හැරුනු අත්

සඳ දිය මිරික හරිමින් තිබෙනා රෑක
බිළිඳෙක් හඬයි ඈතින් දිස් වෙන ගේක
මතකද සොඳුර මෙවැනිම දවසක් දාක
ගනඳුරු පෙනේරය හැලුවා දුක් සෝක

එක මග යන්න හිටියට අප එකට ඇලී
අහසක් උසට ඇත මහ සයුරකේ රැළී
කතරම තෙමන අක් හා වැස්සකට නිලී
ඉන්නට බැරිය කිසිදා තරුවකට දිලී

නිශ්චල රෑ බදුලු පහනක එළියක
දිගේ
විස්තර කළ නොහැකි දුරකට ඇදෙමි ගඟේ
යෂ්ටිය නැතත් හබලක් ගෙන යනෙන මගේ
ගැස්සෙන තැනක ඔබ හිටියොත් තමයි අගේ
View Poem