ලක්විජය සාගර පලන්සූරිය

2022 දෙසැම්බර් කලාපය

අත්තෙන් අත්තට ............

කලක් පෝෂිත පැසුණු අත්තක්
දැඩිව අල්ලා සුවය ලබුවෙමි ...
එයින් ගෙනදුන් සතුට සම්පත
කෙටිකලක් තුළ තුටුව වින්දෙමි ...

කලක් ගිය කල පැසුණු අත්තත්
දුබල වන බව හැඟුම් දුන්නෙමි ..
ලඟම ඇති වෙර සහිත අත්තෙහි
නොමඳ පෙම් බැඳ ලැගුම් ගත්තෙමි ...

දිනක් පැමිණිය මන්ද මාරුත
ඇය ලැඟුම් ගත් වියළි රුක් අත ...
හඬා වැටෙමින් කඩා වැටුනා
හැඟුමකින් තොර ඈ ඉදිරිපත...

එලෙඹි දිනකදී මෙලෙස වියලී
ලබැඳි අත්තත් කඩා වැටුනා ...
එය දැනීමෙන් ලබැඳි රුක හැර
වෙනත් ගහ අතු සොයනු සිතුනා ...
View Poem