අතහැරුන අස්වැන්න
ඉළක්කය අල්ලමින්
තුවක්කුවෙ කිරළ බට.
කෙමන කර වලාපොට
උඩ හඳයො එකතු කොට.
වෙල් කොනේ වක්කඩේ
හල් තිත්ත අරින විට.
ලූල් වල දිය වැලේ
දන්ඩි රැළ කොටපි මට.
බිල තුලින් හිස දමයි
ඇදෙයි කක්කුටු රෑන.
සිල් රකියි මසු කැළට
බක තපස් කොක් මාන.
පැසුන කරළට පෙමකි
මාළ ගිරවුන් රෑන.
වසනු මැන කොරවක්කො
පස්ස එලියට පේන.
බැත රකින මැඩුවමේ
ගොම් පස් ද අදින්නම්.
කමත් බිම හිටි පිනුම්
බඩ පිනුම් ගසන්නම්.
නෙලුම් පත පුරා දුන්
ඇඹුලෙ රස සිතන්නම්.
නොරට සිට රටෙත් නැති
අතීතය විඳින්නම්.
ඔෂාවා, කැනඩාව
තුවක්කුවෙ කිරළ බට.
කෙමන කර වලාපොට
උඩ හඳයො එකතු කොට.
වෙල් කොනේ වක්කඩේ
හල් තිත්ත අරින විට.
ලූල් වල දිය වැලේ
දන්ඩි රැළ කොටපි මට.
බිල තුලින් හිස දමයි
ඇදෙයි කක්කුටු රෑන.
සිල් රකියි මසු කැළට
බක තපස් කොක් මාන.
පැසුන කරළට පෙමකි
මාළ ගිරවුන් රෑන.
වසනු මැන කොරවක්කො
පස්ස එලියට පේන.
බැත රකින මැඩුවමේ
ගොම් පස් ද අදින්නම්.
කමත් බිම හිටි පිනුම්
බඩ පිනුම් ගසන්නම්.
නෙලුම් පත පුරා දුන්
ඇඹුලෙ රස සිතන්නම්.
නොරට සිට රටෙත් නැති
අතීතය විඳින්නම්.
ඔෂාවා, කැනඩාව