අකුරු පැනයක්
මහිස වටා බමන
"ආ" යන්නක්
අයදී මෙලෙස
"අනේ මට
නිසි තැනක් ලැබදෙන්න
වචනයක"
මතකයේ පසෙක වූ
අකුරු කීපයක් ගෙන
පෙළට සිටුවා
ඉදිරියෙන් තැබීමි
"ආ" යන්න
ආදරය
මද කලෙකින්
නැවතත් ඇමතුමකි
"ආ" යන්නෙන්
"නා" යන්නක් ඇවිත්
මගේ ඇලපිල්ල ද වසාගෙන
මහත් කරදරයකි මෙය
ඉවත් කළ නොහැකිද?
"ආ" යන්නක්
අයදී මෙලෙස
"අනේ මට
නිසි තැනක් ලැබදෙන්න
වචනයක"
මතකයේ පසෙක වූ
අකුරු කීපයක් ගෙන
පෙළට සිටුවා
ඉදිරියෙන් තැබීමි
"ආ" යන්න
ආදරය
මද කලෙකින්
නැවතත් ඇමතුමකි
"ආ" යන්නෙන්
"නා" යන්නක් ඇවිත්
මගේ ඇලපිල්ල ද වසාගෙන
මහත් කරදරයකි මෙය
ඉවත් කළ නොහැකිද?