අකුණ
තරු දහසක් පිරිවර මැද අටවක රැය මට කළුවයි
නිසොල්මනේ ඇස රවටන සුළඟෙ ලෙළෙන වැසි සළුවයි
රෑ කුමාරි මල් පිබිදෙන පෙදෙසට බිඟුනගෙ සැරියයි
වක්කඩ කැඩු සිනා මතක අමාවකෙත් සඳ අවුලයි
තොඳොල් වෙමින් කතා කියා සැනසුම ගෙන දී බිඳ බිඳ
නොරොක් වෙමින් වරින් වරේ නපුරු කමට යළි බිඳ බිඳ
සිතකින් මට දිවි ගෙවුමට ඉඩ දී දහසක් වද මැද
බක් මාසේ අකුණු රැගෙන පායාපන් නව සඳ ලෙද
සිහිනෙන් හදවත පුබුදා නගන නුඹේ මල් සිනාව
නෙළුම් කෙතේ උකුළු මුකුළු අතරෙදි දෙයි වේදනාව
රැය දහවල දෙක එක ලෙස බල බල හිඳ කල් මනාව
රන් අස්වණු නැකත සමග මංගල්ලෙට කල්පණාව...
Photo Credit: Brandon Morgan