අකාලයේ පරවූ මලක්
ගිරිහෙල් තෝ තැනි පසුකර ආ මග
අවසන අතැඟිලි අතහැරුනා
පෙම්බර දුක්‌බර මතක ඉතිරිකොට
මට කලියෙන් නුඹ ඉන් හැරුනා
දරාගන්න බැරි අදුරු වළාකුළු
වැහි බීරම මිහිමත වැටුනා
පිණි වැද දිලිසුනු සුවඳ විහිදු මල
අකලට පරවී බිම වැටුනා
දෙනෙත් අයා සිටියත් කෙතරම් තව
ඒ රුව නැහැ යලි මතුවී එන්නේ
අකලට පරවී යන්නට නැගණියේ
ඇයි මෙතරම් හැඩ වී නුඹ පිපුනේ
සිනිදු සේල අන්දා නුඹ හැඩකොට
මළහිරු බසිනා හෝරාවේ
උර මත හිඳුවා අවසන් වර මා
සැලෙන දෙපා එකිනෙක තැබුවේ
මව්පිය දෙපලම නුඹ තනියට ඇති
මා පමණක් හෙට සිට තනිවේ
දුම්රොටුවක් වී නිල් අහසේ නුඹ
පාවී යයි නෙතු අසරණවේ
ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා
අවසන අතැඟිලි අතහැරුනා
පෙම්බර දුක්‌බර මතක ඉතිරිකොට
මට කලියෙන් නුඹ ඉන් හැරුනා
දරාගන්න බැරි අදුරු වළාකුළු
වැහි බීරම මිහිමත වැටුනා
පිණි වැද දිලිසුනු සුවඳ විහිදු මල
අකලට පරවී බිම වැටුනා
දෙනෙත් අයා සිටියත් කෙතරම් තව
ඒ රුව නැහැ යලි මතුවී එන්නේ
අකලට පරවී යන්නට නැගණියේ
ඇයි මෙතරම් හැඩ වී නුඹ පිපුනේ
සිනිදු සේල අන්දා නුඹ හැඩකොට
මළහිරු බසිනා හෝරාවේ
උර මත හිඳුවා අවසන් වර මා
සැලෙන දෙපා එකිනෙක තැබුවේ
මව්පිය දෙපලම නුඹ තනියට ඇති
මා පමණක් හෙට සිට තනිවේ
දුම්රොටුවක් වී නිල් අහසේ නුඹ
පාවී යයි නෙතු අසරණවේ
ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා