ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හීන හැඩුවා රෑ රහසින්

හීන හැඩුවා රෑ රහසින්

මුදිතා ඩයස් - කොට්ටාව
2024-June

සදකැන් පිපි හිනහිලා
තරු මල් පිපි විසිරිලා
අදුරු රෑ මසිත පිබිදිලා
ප්‍රේම හැගුමන් දගකලා
හිත තිගැස්සි අවදියෙන්
මෘදු කොපුල් හාදුවෙන්
තෙමෙයි සිත සීරුවෙන්
රතු පබළු විසිරෙමින්
ගව්ගණන් දුර ඈතින්
මිණිමෙවුල බිද සැණින්
සිත ගොලු වෙලා තනිකමින්
හීන හැඩුවා රෑ රහසින්