
හිමියනි ඔබට……..!!!!!
ඊලග මොහොත ගැන කියන්න මම දන්නේ නැහැ …..
මට හැම දෙයක්ම හරිම නුපුරැදුයි…..
ඒත්….. ඔය දිලිසෙන ඇස්වල මොකක්දෝ මහා ලෙන්ගතු බවක් තියෙනවා……
ඒත් මට එය ගලපගන්න බැහැ හරිම අසීරැයි…..
ඔබ මාව ස්පර්ශ කරන හැම විටකම
එහි මහා මොකක්දෝ සමීප බවක් තියෙනවා…….
එතකොට මට දැනෙනවා ඔබ මගේ වෙන්නැති කියලා……
ඒත්……..මට සමාවෙන්න
මට ඔබව සම්පුර්ණයෙන්ම මතක නැහැ.
නමුත් ඔබ මා ලග සිටින හැම විටකම මට මහා විශාල වටිනාකමක් දැනෙනවා….
අනේ…….වචන මගේ මතකයට ආවොත්….
මම කියාවී මම ඔබට ආදරෙයි කියලා.
(ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන බිරිදගෙන් ආදරණීය ස්වාමියාට)
02/01/2021