
සොඳුරු සිත්…!
දින දින ඇසෙන දකිනා දුක්
මුසු සිද්දී…
දන මන පෙලනකල කඳුළක්
නැග එද්දී…
කන බොන පිරිස් මැද අනෙකුන්
වැලපෙද්දී…
යන එන ගමනෙ මෙය දැක ගියෙ සිත ඇද්දී…
ගනු ගනු සිතන සිතුවිලි හද පුරවද්දී…
දෙනු දෙනු සිතක් නැති අය දැන්
වැඩිවෙද්දී…
දිනු මනුසත් බවට අගරුම කෙරවෙද්දී…
‘හනුමනු’ මුත් සිනහ උපදයි,
ඔහෙ පැද්දී…
මැද ඉඳ විහඟ කැලගේ කුස පිරවෙද්දී…
විඳ විඳ ලබන සතුටින් මොහු පසුවද්දී…
හද හොඳ බැවින් කවදා හෝ මියයද්දී…
වද බිඳකුත් නොලැබෙ සිතෙනව, එයවෙද්දී…