සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2023 ජුලි කලාපය

සොඳුරු මහැදුරු

නොලැබ ඇසුරට පිනක්
සවනින් හඬද නොඅසා
දුටිමි ඇසිමි වින්දෙමි
ඔබ නිමැයුම් රැසා

නිබඳ පායන සඳකි
කලා ගැබ තරු ගවසා
ජීවිතය ගීතයක් විය
ඔබ පැබඳු ගී අසා

වියැලුනු කලා කතරට
නිමැයුම් වැසි වස්සා
සෙනෙහසින් තුති පුදමි
මෙහෙයට නිවූ පවසා
View Poem