
සොබා දහම …
සූර්ය පුත්‍රය, හනිකට වඩිනු මැනවි
හිමිදිරියේ මේ මට ඔච්චම් නොකර
ලොවෙහි මල් ඵල දරන්නට
ලහි ලහියේ හනික වඩිණු මැනවි…!
ඔබද සැගවුණු සූර්ය කුමාරයා?
ඔබත්, මට ඔච්චම් කරනවා ද?
ගණදුර නසා රාත්‍රිය සොඳුරු කරන්නට
වඩිණු මැනවි චන්ද්‍ර පුත්‍රයාණනි
ඔබේ දෑස් නිල් අඹරේ තරු කැට සේයා
ඔබේ වතද අරුණෝදේ ළහිරුන් සේයා
මගේ දෑස් නිල් ජල පිරි පොකුණක් සේයා
හනික වඩිනු මැන රන් සමනළයෙකු සේයා