ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිහිනයක මල් පිබිදිලා………

සිහිනයක මල් පිබිදිලා………

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2024-June

සිහිනයක මල් පිබිදිලා
වසන්තය ඇගෙ ලං වෙලා
නව දිවියකට දොර විවර වී
දියණි පති කුලයට වඩී.

පුංචි සමනළියක වගේ නුඹ
මව් තුරුලෙ සිටි කාලයේ
පියවර තබා ටික ටික ලොවේ
මල් පිපිණි පිය පපු තුරේ.

නෙතින් කඳුලැළි සැඟ වුවත්
හදෙහි සිතිවිලි නැවතුනත්
වසන්තයෙ මල් සුපිපුණත්
දියණි හද තුල නැහැ වෙනස්.