
සැවොම ඇවිදින් කොලොම්පුරයට
සමාවි ලක් මවුනි අපහට
දෙන්න අවසර ඔබ තුරුල යට
ඔබ සිනාසෙන රඟ බලන්නට
සැවොම ඇවිදින් කොලොම්පුරයට
ලොකු පුතා බය වෙලා හොදටම
ගෙයින් පැනලා හොරෙන් රහසෙම
පොඩි එවුන් වලි කන්නේ හොදටම
ලක් මවුන් රැක ගන්න සැමටම
වත්ත පිටියත් ගහ කොලත් උන්
රැක ගනී දැන් පන දෙවෙනි කොට
වන සතුන් හිනහේවි ඒ යට
නිජ බිමක් රැක දීපු සතුටට
ගලයි ගංගා සිසිල දීගෙන
හමයි මඳනල සුවඳ විහිදන
පිපෙයි වනමල් ඔබව සරසන
මවුනි ලක් සැනසෙන්න නිතියෙන
එකෙක් දෙන්නෙක් ගියෙ අයාලේ
උන් හැදුනෙ පර ගැතියො වාගේ
නොදත් උන් ලක් මවුගෙ සෙනෙහේ
එපා උන් යළි නුඹගෙ ඇකයේ
හිදී නුඹ ලඟ දරු කැලක් දැන්
දනී උන් ලක් මවුගෙ අගයන්
දෙන්න ඔවුනට යෝද බලයන්
ලොවම දිනලා වන්න විරුවන්