ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සහෝදර රුධිරය නොවෙද මේ – කිර්ති ලොකුලියන

සහෝදර රුධිරය නොවෙද මේ – කිර්ති ලොකුලියන

කිර්ති ලොකුලියන
2024-June

පහළ අතු කපා වැනසුවද
ගස වැඩී හමාරය ඉතින්
උන් සිත කීරි ගැසෙනා විලස
බලව් රතු මල් පිපෙනා හැටි

වේලාසනින් අවදි වූ වරදට
උන් උදුරාගත් ජීවිත වුවද
විරුවන් ලෙසින් සමුගත්
සහෝදර රුධිරය නොවෙද මේ –