ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සරසවි යන දියණියට

සරසවි යන දියණියට

අනුරුද්ධ වැලිගමගේ -මිසිසාගා , කැනඩාව.
2021-August

විසල් අහසේ ඉගිල යන්නට
කාලයයි කදිමයි
තුරුණු පිරිපුන් ජවය අරගෙන
දුරට පියඹන්නයි ….

සුදු සඳක මුදු මොලොක් රැස් සේ
එළිය පතුරන්නයි
සිනාසීගෙන හෙමින් ඇවිදින්
වැඩි දුරක් යන්නයි …..

උගත් ගුණ දම් සිරිත් මල්දම්
ලෙසින් පළදන්නයි
ඔබේ ගමනට සියළු බාධක
දුරුව හැඩ වෙන්නයි ……